ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහිත අබේගුණවර්ධන විසින් අසන ලද ප්‍රශ්නය

381/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ශ්‍රී ලංකාවේ ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම එක් එක් පාසලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) පසුගිය රජය විසින් ජාතික පාසල් බවට පත් කර ඇති පළාත් සභා පාසල් සංඛ්‍යාව කොපමණද;

(vi) එම පාසල් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
: රෝහිත අබේගුණවර්ධන
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
2025-03-08 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි