379/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව එක් එක් බන්ධනාගාරය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම බන්ධනාගාරවල යටිතල පහසුකම්වල මේ වනවිට පවතින අඩුපාඩු කවරේද;
(iii) බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බන්ධනාගාරගත කරනු ලබන පුද්ගලයන් සඳහා පිහිටුවා ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල මේ වනවිට පුනරුත්ථාපනය කරනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් මධ්‍යස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන් පුනරුත්ථාපනය කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා | |
| : රෝහිත අබේගුණවර්ධන | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






