ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් විසින් අසන ලද ප්‍රශ්නය

340/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතිව්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරිය පෝරතිව් සහ පලුකාමම් යන ප්‍රදේශ සම්බන්ධ කරමින් ඉදිකර ඇති පාලම ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්;

(ii) එම පාලමෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම ජනතාවට දැඩි දුෂ්කර කාර්යයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත පාලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
: ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
: ඉලංකෙයි තමිල් අරසු කච්චි
2025-09-11 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි