ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රවී කරුණානායක විසින් අසන ලද ප්‍රශ්නය

313/2024

ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික විදුලි ජනන සමාගම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම එක් එක් සමාගමේ නම හා ලිපිනය සහ ජනන ධාරිතාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් සමාගම ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයූ විදුලි ඒකක සංඛ්‍යාව සහ ඒ සඳහා එක් එක් සමාගමට ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනන ධාරිතාව වැඩි කිරීම සඳහා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කවරේද;

(v) එම විදුලි ජනනය සඳහා යොදා ගනු ලබන බලශක්ති ක්‍රමවේද පුනර්ජනනීය බලශක්තියද නැතහොත් තාප බල ශක්තියද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: බලශක්ති
: රවී කරුණානායක
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
2025-09-11 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි