ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රවී කරුණානායක විසින් අසන ලද ප්‍රශ්නය

304/2024

ගරු රවී කරුණානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු සහ පෞද්ගලික සමාගම් සතු එක් එක් පර්යන්තයට පැමිණි නැව් සංඛ්‍යාව කොපමණද;

(ii) එකී කාල සීමාව තුළ එම එක් එක් පර්යන්ත විසින් මෙහෙයවන ලද බහාලුම් සංඛ්‍යාව කොපමණද;

(iii) එකී කාල සීමාව තුළ එම එක් එක් පර්යන්තය ලැබූ මෙහෙයුම් ලාභය කොපමණද;

(iv) එකී කාල සීමාව සඳහා අධිකාරිය විසින් උපයන ලද ආදායම සහ ලාභය කොපමණද;

(v) ඉහත අංක (i) හි සඳහන් එක් එක් පර්යන්තය විසින් පැයකට මෙහෙයවන ලද බහාලුම් සංඛ්‍යාව අනුව එම එක් එක් පර්යන්තයේ කාර්යක්ෂමතාවය කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ මෙහෙයවන ලද මුළු බහාලුම් සංඛ්‍යාව සහ සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණය (ටොන්වලින්) කොපමණද;

(ii) ඉදිරි වසර දහය තුළ මෙහෙයවීමට නියමිත ප්‍රක්ෂේපිත බහාලුම් සංඛ්‍යාව සහ සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණය (ටොන්වලින්) කොපමණද;

(iii) පසුගිය වසර පහ තුළ බහාලුම් මෙහෙයවීම අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ලෝක ශ්‍රේණිගත කිරීම කවරේද;

යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
: රවී කරුණානායක
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි