ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රවී කරුණානායක විසින් අසන ලද ප්‍රශ්නය

302/2024

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට  වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

              (ii)       ඉහත (i) හි සඳහන් වන ආකාරයට පසුගිය වසර පහ තුළ ඇතුළත් කරගන්නා ලද ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වසර තුන තුළ අ.පො.ස. (සා/පෙ) සහ අ.පො.ස. (උ/පෙ) විභාග සඳහා පෙනී සිටි සහ සමත් වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව සහ පෞද්ගලිකව විභාගයට පෙනී සිටි තැනැත්තන් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත අ.පො.ස. (උ/පෙ) විභාගයෙන් සමත්ව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට වෙන් වෙන් වශයෙන් දන්වන්නෙහිද?

(ආ) (i) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට වරම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර  කවරේද;

(ii) එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වසර පහ තුළ උසස් අධ්‍යාපනය සඳහා  විදේශගත වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වාර්ෂික ඇස්තමේන්තුගත වියදම වෙන් වෙන් වශයෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් සහ ඇමෙරිකානු ඩොලර්වලින් කොපමණද;

(iv) පසුගිය වසර පහ තුළ අධ්‍යාපනය සඳහා වන මුළු වෙන්කිරීම් සහ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
: රවී කරුණානායක
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි