ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එස්. එම්. මරික්කාර් විසින් අසන ලද ප්‍රශ්නය

276/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සේවා නියුක්තිකයන් වෙනුවෙන් අලු‍තින් විවෘත කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව ආර්ථික සංවර්ධනය නිරීක්ෂණය කිරීමේ මිණුම් ඒකකයක් වශයෙන් යොදා ගත හැකි බව දන්නේද;

(ii) 2024 වර්ෂයේ නොවැම්බර් මාසය තුළදී අලුතෙන් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2024 වර්ෂයේ දෙසැම්බර් මස සිට සෑම මාසයකම අලුතින් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, එම තොරතුරු මාසයේ කව‍ර දිනයකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කම්කරු
: එස්. එම්. මරික්කාර්
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි