ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නීතිඥ දයාසිරි ජයසේකර විසින් අසන ලද ප්‍රශ්නය

263/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද දිනය කවරේද;

            (ii)       එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන කවරේද;

           (iii)       මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යභාරය කවරේද;

(v) එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම කවරේද;

(vi) ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
: නීතිඥ දයාසිරි ජයසේකර
: සමගි ජන බලවේගය
2025-09-11 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි