253/2024
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම් අනුව වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර්වලින් කොපමණද;
(iii) එම ඉඩම්වලින් දෙවැනි පාර්ශ්වයන් වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iv) එම එක් එක් දෙවැනි පාර්ශ්වයේ නම, එම පාර්ශ්වයට ඉඩම් ලබා දී ඇති ස්ථානය සහ ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නොවන, රජයේ ඉඩම් පිහිටි ස්ථාන හා ප්‍රමාණයන් හෙක්ටයාර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ වනවිට හඳුනාගෙන ඇති කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(iii) එම ඉඩම් අතරින් මේ වනවිට වගා කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග | |
| : රවීන්ද්‍ර බණ්ඩාර | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






