ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නලින් බණ්ඩාර ජයමහ විසින් අසන ලද ප්‍රශ්නය

191/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජය සතු සීනි සමාගම් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ නම් කවරේද;

            (iii)       2022 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) රජය සතු සීනි කර්මාන්තශාලාවල මේ වනවිට විකුණා ගත නොහැකිව  එක්රැස් වී ඇති සීනි ප්‍රමාණය සහ එතනෝල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
: නලින් බණ්ඩාර ජයමහ
: සමගි ජන බලවේගය
2025-03-21 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි