ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නලින් බණ්ඩාර ජයමහ විසින් අසන ලද ප්‍රශ්නය

190/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විදුලි ගාස්තු සංශෝධනය කරන බව රජය විසින් විවිධ අවස්ථාවලදී ප්‍රකාශයට පත් කර තිබෙන බව දන්නේද;

             (ii)       අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනය කරන ලද දිනය කවරේද;

            (iii)       ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන්නේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

(iv) විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් ගනු ලබන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(v) විදුලි ගාස්තු තවදුරටත් සංශෝධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: බලශක්ති
: නලින් බණ්ඩාර ජයමහ
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි