188/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා අලිවැට ඉදිකිරීම සහ ඒවා නඩත්තු කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අලි-මිනිස් ගැටුම හේතුවෙන් ඉහත කාල සීමාව තුළ දී මිය ගිය වනඅලින් සංඛ්‍යාව, මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සහ සිදු වූ දේපළ හානි සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) අලිවැට ඉදිකිරීමට සහ ඒවා නඩත්තු කිරීමට වැය කරන ලද මුදලට සාපේක්ෂව අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලැබී නැති බව පිළිගන්නේද;
(iv) එසේ නම්, අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : පරිසර | |
| : නලින් බණ්ඩාර ජයමහ | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






