179/2024
ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය සංස්ථාගත කරන ලද දිනය කවදාද;
(ii) රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ආයෝජනය කරන ලද මුළු ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙන ලද කෙටි-කාලීන හා දිගු-කාලීන ණය මුදල්වල එකතුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලංකා විදුලිබල මණ්ඩලය තුළ සේවය කරන ස්ථිර හා අනියම් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාර්ය මණ්ඩලය වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, වෘත්තීයවේදී දීමනා, ප්‍රසාද දීමනා, ප්‍රවාහන වියදම් සහ වෙනත් කවර හෝ පාරිශ්‍රමික සඳහා දරන ලද මුළු මාසික පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් උපයන විට ගෙවීමේ බදු ගෙවන්නේද;
(iv) නොඑසේ නම්, එම ආයතනය උපයන විට ගෙවීමේ බදු ගෙවීම නැවැත්වූ දිනය කවදාද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : බලශක්ති | |
| : රවී කරුණානායක | |
| : නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






