156/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 නොවැම්බර් මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය, වෙනත් සංවිධානයක්, පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් උතුරු-නැගෙනහිර යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සිහි කරමින් මහ විරු සැමරුම් පවත්වා තිබේද;
(ii) එසේ නම්, ඒවා පවත්වන ලද පාර්ශ්වයන් කවරේද;
(iii) ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබේද;
(iv) එම සැමරුම් පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත්වී තිබේද;
(v) ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තහනම් කර ඇති සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ එවැනි සැමරුම් පැවැත්වීමේ හැකියාවක් තිබේද;
(vi) එම සැමරුම් පැවැත්වීම නැවැත්වීම සඳහා ගන්නා ලද පියවර කවරේද;
(vii) තහනම් සංවිධානයක සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් රජය වගකීම් භාර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු | |
| : නීතිඥ දයාසිරි ජයසේකර | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






