ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අජිත් පී. පෙරේරා විසින් අසන ලද ප්‍රශ්නය

152/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,—  බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෙරවලපිටියේ පිහිටුවා ඇති කසල මඟින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයේ (Waste-to-Energy Power Plant) උත්පාදනය කරනු ලබන විදුලිය ඒකකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන මිල කොපමණද;

(ii) එම බලාගාරය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම සඳහා දිනකට අවශ්‍ය වන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

(iii) 2024 වර්ෂය තුළ එම බලාගාරය වෙත දෛනිකව සපයනු ලැබූ කසල ප්‍රමාණයේ  සාමාන්‍ය අගය මෙට්‍රික් ටොන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත බලාගාරය සඳහා කසල සැපයීම සිදු කරනු ලබන පළාත් පාලන ආයතන කවරේද;

(ii) කසල දහනය කිරීමෙන් පසුව මේ වනවිට ඉහත බලාගාර පරිශ්‍රය තුළ එක්රැස් වී ඇති අළු ප්‍රමාණය කොපමණද;

(iii) බලාගාරයෙන් නිකුත් වන අළු පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iv) ඉහත බලාගාරය සඳහා 2023 වර්ෂයට අදාළව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: බලශක්ති
: අජිත් පී. පෙරේරා
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි