ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නලින් බණ්ඩාර ජයමහ විසින් අසන ලද ප්‍රශ්නය

112/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       බිංගිරිය අපනයන සැකසුම් කලාපය ස්ථාපිත කරන ලද දිනය කවරේද;

             (ii)       මේ වනවිට එම කලාපය සඳහා ලැබී ඇති ආයෝජන සංඛ්‍යාව හා ඒවායේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ආයෝජන තුළින් මේ වනවිට උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම අපනයන කලාපය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

: මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
: නලින් බණ්ඩාර ජයමහ
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි