ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චමින්ද වි‍ජේසිරි විසින් අසන ලද ප්‍රශ්නය

93/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මේ වනවිට වෙළඳපළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව පිළිගන්නේද;

             (ii)      එසේ නම්, ඊට හේතු කවරේද;

           (iii)      පරිභෝජනයට ප්‍රමාණවත් සහල් තොග මේ වනවිට රට තුළ තිබේද;

(iv) ප්‍රධාන වී මෝල් හිමියන් සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන බව පිළිගන්නේද;

(v) වී ගොවියාටත්, සහල් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පරිදි සහල් තොග වෙළඳපළට නිකුත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
: චමින්ද වි‍ජේසිරි
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි