91/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ඇති බවට හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන ආකාරය කවරේද;
(iii) ඒ සඳහා භාවිතා කරනු ලබන උපක්‍රම කවරේද;
(iv) ඒවා වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(v) උසස් ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් නොවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කුඩා හා මධ්‍ය පරිමාණ පොල්තෙල් මෝල් හිමිකරුවන් මුහුණ දෙන ගැටලු කවරේද;
(ii) එම ගැටලු සඳහා දෙනු ලබන විසඳුම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන | |
| : චමින්ද විජේසිරි | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






