ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් විසින් අසන ලද ප්‍රශ්නය

66/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තුව-උතුර, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීති විරෝධී ලෙස ඉල්මනයිට් කැණීම්  සිදු කරන බවත්;

             (ii)       ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට සෞඛ්‍ය, ජීවනෝපාය හා පානීය ජල ගැටලු ඇති විය හැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්,  නීති විරෝධීව සිදු කරන ඉල්මනයිට් කැණීම් කටයුතු තහනම් කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

: පරිසර
: ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
: ඉලංකෙයි තමිල් අරසු කච්චි
2025-01-08 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි