ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හේෂා විතානගේ අංකුඹුර ආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

15/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයට කුඩා තේ වතු හිමියන් ලබා දුන් දායකත්වය ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) මේ වනවිට මුළු කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;

(iii) කුඩා තේ වතු හිමියන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව කොපමණද;

(iv) ඒවායේ නම් කවරේද;

(v) කුඩා තේ වතු හිමියන්ගේ ජීවන මට්ටම උසස් කිරීම වෙනුවෙන් ඉහත සඳහන් එක් එක් ආයතනය විසින් සිදු කරනු ලබන කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
: හේෂා විතානගේ අංකුඹුර ආරච්චි
: සමගි ජන බලවේගය
2025-07-25 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි