ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හේෂා විතානගේ අංකුඹුර ආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

10/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම පාසල්වල නම් කවරේද;

           (iii)      ඉහත ජාතික පාසල් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් පත් කර ඇති ජාතික පාසල් සහ එසේ නොමැති ජාතික පාසල් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙවැනි තත්ත්වයක් තුළ ජාතික පාසල් සංඛ්‍යාව ඉහළ දැමූවද නියමිත සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් නොමැතිවීමේ ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
: හේෂා විතානගේ අංකුඹුර ආරච්චි
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි