7/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුහුණු සංචාරක කාර්යාංශය විසින් මදුනාගල සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බව දන්නේද;
(ii) එමඟින් මදුනාගල උණු දිය උල්පත් යොදා ගෙන හද සම්භාහනය (හෘද පුනර්ජීවනය) කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් අවසන් කර නොමැති බැවින් එම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ මදුනාගල සංචාරක කලාපයේ ඉදිකරන ලද ආපනශාලාව, විවේකාගාරය සහ භෝජනාගාරය වෙනුවෙන් වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) විශාල මුදලක් වැය කර ඉදිකරන ලද සංචාරක බංගලාවේ ඇති විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා විරහිත වී ඇති අතර එහි වහල අබලන් වී ඇති බව දන්නේද;
(iii) එහි ඉදිකරන ලද ගැමි කඩමණ්ඩිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iv) මේ වනවිට එම කඩමණ්ඩිය නටඹුන් වී ඇති බව දන්නේද;
(v) එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක | |
| : හේෂා විතානගේ අංකුඹුර ආරච්චි | |
| : සමගි ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






