ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හේෂා විතානගේ අංකුඹුර ආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

6/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය වාර්තා වූ දිනය කවරේද;

             (ii)       ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ ආරක්ෂක නිලධාරින්ගේ නම් කවරේද;

(ii) පරික්ෂණ කටයුතු සිදු කරගෙන යෑමේදී එම ආරක්ෂක නිලධාරින්ට බලපෑම් එල්ල කරනු ලැබූ එවකට ආණ්ඩුකාරවරු සහ ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත සිද්ධියට අදාළ පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
: හේෂා විතානගේ අංකුඹුර ආරච්චි
: සමගි ජන බලවේගය

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි