ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හේෂා විතානගේ අංකුඹුර ආරච්චි විසින් අසන ලද ප්‍රශ්නය

4/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු මුළු රජයේ ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ආයතනයේ ආරක්ෂක සේවා සපයනු ලබන ආරක්ෂක සමාගම්වල නම් කවරේද;

(iii) ඒ අතරින් රජයේ සමාගම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් රජයේ ආයතනවල ආරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම්වලට ගෙවන ලද මුදල එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රජයේ ආයතනවලට ආරක්ෂාව සැපයීමට අදාළ කොන්ත්‍රාත් ලබා ගැනීමේදී වංචනික ක්‍රියා සිදු වන බව දන්නේද;

(ii) එසේ නම්, රජයේ ආයතනවලට ආරක්ෂක සේවා සැපයීම, රජය සතු ආරක්ෂක සමාගම්වලට ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
: හේෂා විතානගේ අංකුඹුර ආරච්චි
: සමගි ජන බලවේගය
2025-02-06 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි