603/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ......
603/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) මිනුවන්ගොඩ, ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල සහ මේ වනවිට වියදම් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වියදම් කර නොමැති ඉතිරි මුදල, එම ව්‍යාපෘතියට අදාළ ගිණුමක තැන්පත් කර තිබේද;
(iv) එසේ නම්, එම ගිණුමේ නම සහ ගිණුම් අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත පිහිනුම් තටාකය ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගමේ නම කවරේද;
(ii) එම කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගම තෝරා ගන්නා ලද පදනම කවරේද;
(iii) මේ වනවිට ඉදිකිරීම්වලින් අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;
(iv) ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා ගත වන කාලය කොපමණද;
(v) එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතුව කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?