පළමු සැසිවාරය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු සැසිවාරය 2016 අප්‍රේල් මස 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු සභාගර්භයෙහි දී පවත්වන ලදී.
පළමු සැසිවාරයේ දී මුලසුන හොබවන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, ගරු කථානායක කරූ ජයසූරිය මහතා විසිනි. සභාපතිවරයා නොමැති අවස්ථාවල මණ්ඩලයේ මුලසුන දැරීම පිණිස ආරම්භයේදීම නියෝජ්‍ය සභාපතිවරු 07 දෙනෙක් තෝරාපත් කර ගන්නා ලදී.
සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත්කරගන්නා ලද අතර, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස ඒකමතිකව පත්කර ගන්නා ලදී.
අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය දින නියමයක් නොමැතිව කල් තබන ලද අතර, මෙහෙයුම් කමිටුවේ පළමු රැස්වීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතීත්වයෙන් යුතුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 3 හි දී පවත්වන ලදි.
තෝරා පත්කරගන්නා ලද නියෝජ්‍ය සභාපතිවරුන් හත්දෙනා (07)පහත පරිදි වේ
1. ගරු තිලංග සුමතිපාල මහතා
2. ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා
3. ගරු කබීර් හෂීම් මහතා
4. ගරු. (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
5. ගරු. තිලක් මාරපන මහතා
6. ගරු. මහින්දයාපා අබේවර්ධන මහතා
7. ගරු. නලින්ද ජයතිස්ස මහතා
මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට තෝරා පත් කරගන්නා ලද සාමාජිකයින් විසි එක් දෙනා (21) පහත පරිදි වේ.
1. ගරු. රනිල් වික්‍රමසිංහ මහතා
2. ගරු. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
3. ගරු. නිමල් සිරිපාල ද සිල්වා මහතා
4. ගරු. රවුෆ් හකීම් මහතා
5. ගරු. (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
6. ගරු. ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
7. ගරු. රිසාඩ් බදියුදීන් මහතා
8. ගරු. පාඨලී චම්පික රණවක මහතා
9. ගරු. ඩී. එම්. සුවාමිනාදන් මහතා
10. ගරු. මනෝ ගනේෂන් මහතා
11. ගරු. මලික් සමරවික්‍රම මහතා
12. ගරු. රාජවරෝදියම් සම්පන්දන් මහතා
13. ගරු. අනුර දිසානායක මහතා
14. ගරු. ඩිලාන් පෙරේරා මහතා
15. ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා
16. ගරු. (වෛද්‍ය) ජයම්පතී වික්‍රමරත්න මහතා
17. ගරු. එම්. ඒ. සුමන්තිරන් මහතා
18. 18. ගරු. (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
19. ගරු. බිමල් රත්නායක මහතා
20. ගරු. ප්‍රසන්න රණතුංග මහතා
21. ගරු. ඩග්ලස් දේවානන්ද මහතා
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






