ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරු තේරී පත්වෙති

දිනය : 2025-01-15

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් එහි පළමු රැස්වීම 2025.01.08 වැනි දින පැවති අතර එහිදී සංසදයේ සම සභාපතිවරුන් ලෙස ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්වරු තේරී පත්වූහ.

මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස සමගි ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා තේරී පත්වූ අතර සම කැඳවුම්කරුවන් ලෙස සමගි ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න සහ ජාතික ජන බලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්මීහු තේරී පත්වූහ.

සංසදය අමතමින් සම සභාපතිවරුන් පවසා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති කාලයක දේශගුණික විපර්යාස මෙරටට සිදු කරන බලපෑම් සහ ඒවාට ගතයුතු පියවර පිළිබඳව සාමූහිකව ඉදිරියේදී සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි