තරුණ නියෝජිතයින් සඳහා පැවැත්වෙන ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ වැඩමුළු මාලාවේ දෙවැනි වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ |
දිනය : | 2024-06-27 |
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූ තරුණ නියෝජිතයින්ට එම කාරක සභා ක්‍රියා පිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (ජුනි 25) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන වැඩ මුළු හතරකින් සමන්විත වැඩසටහන් මාලාවේ දෙවන වැඩමුළුව ලෙස මෙය සංවිධානය කර තිබුණි. ආංශික අධීක්ෂණ කාරක සභා වල විෂය පථයන් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයින්ට වඩාත් විධිමත් අවබෝධයක් ලබාදීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය.
මෙම වැඩමුළුව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මයන්ත දිසානායක, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කල අනුකාරක සභාවේ සභාපති වෛද්‍ය ගරු උපුල් ගලප්පත්ති, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
මෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය "තිරසර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම්වල තරුණ සහභාගීත්වය " යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය විසින් සිදුකරන ලදී.
මෙහිදී තරුණ නියෝජිතයින්ට තමන් නියෝජනය කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සැසියකට එක්වී ක්‍රියාකාරකම් සහිතව අදාළ කාරක සභා විෂය පථයන් පිළිබඳ දැනුම ලබාගැනීමට, කාරක සභාව මගින් ක්‍රියාත්මක කළ සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි කටයුතු පිළිබඳව පුළුල් වූ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබුණි.
මෙම වැඩමුළුව සඳහා, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලත් පෙරේරා, ආංශික අධීක්ෂණ කාරක සභාවල විෂය පථයන්ට අදාළව සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අමාත්‍යංශ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාංශයේ ලේකම්වරිය ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














