ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසම” සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කරයි

දිනය : 2024-05-20

පසුගිය 2024.02.20 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසම” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (මැයි 09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් මින් පෙරද අවස්ථාවක සාකච්ඡා කිරීම සිදු වූ අතර මේ එම ස‍ාකච්ඡාවේ දෙවැනි අදියර වන අතර මෙහිදී ප්‍රධාන වශයෙන් මෙම යෝජිත කොමිසමේ සංයුතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් කාරක සභාවේ යෝජනා සහ සංශෝධනයන් ඉදිරිපත් කිරීමද සිදු විය.

මෙහිදී පැමිණි නිලධාරීන් කමිටුව විසින් පෙන්වාදුන් සංශෝධනයන් ඉක්මනින් සිදු කරන බව සඳහන් කළහ.

එසේම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් සමග නැවත අවස්ථාවක දීර්ඝ වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කෙරුණි.  

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ මන්ත්‍රීවරුන් වන ගරු අසංක නවරත්න සහ (මහාචාර්ය) ගරු චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, යුනෙස්කෝ සඳහා ශ්‍රී ලංකා ජාතික කොමිසමේ මහ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ කාරක සභාවේ තරුණ නියෝජිතයන් ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි