උතුරු පළාතේ, සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකටම අදාළව ආබාධ සහිත පුද්ගල මෙහෙයුම් කමිටුවක් පිහිටුවා එ් සෑම කමිටුවකදීම ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් වෙන් කරන්න |
දිනය : | 2024-05-17 |
- ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක්
ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ දෙවන සැසිය ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පසුගියදා (මැයි 13) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ සැසිය සදහා එම සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ, වැඩබලන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, උතුරු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් ඇම් වාගීෂ්, කණ්ඩාවලෙයි, කරච්චි, පච්චිලෙයිපල්ලි, පූනකරි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) උපදේශිකා ශ්‍යාමා සල්ගාදු, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් සභාපති රසාංජලි පතිරගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
කිලිනොච්චිය දිස්ත්‍රිකයේ ජීවත් වන ආබාධ සහිත තැනැත්තන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සදහා ඉගැන්වීම් සිදුකරන ආයතන කිහිපයක නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගේ සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආබාධ සහිත පුද්ගලයින් රටේ පාලන ව්‍යුහයට සහ සමාජයට අන්තර්කරණය කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ යෝජනා රැස්කිරීම මෙහිදී සිදුවිය.
සාකච්ජාව සඳහා සහභාගිවී සිටි අබාධ සහිත පිරිස හා සංවිධාන තමන්ගේ අදහස්, යෝජනා හා ගැටලු මෙහිදී ඉදිපත් කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා උතුරු පළාතේ සෑම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකටම සහ සහ සෑම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකටම අදාළව ආබාධ සහිත පුද්ගල මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලෙසත් එම සෑම සම්බන්ධීකරණ කමිටුවකදීම ආබාධිත ප්‍රජාවගේ ගැටළු සාකච්ඡා කිරීමට න්‍යාය පත්‍රයේ විශේෂ ස්ථානයක් වෙන් කරන ලෙසටත් ඉල්ලා සිටියේ. එමෙන්ම එම ක්‍රියාවලිය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වීමේ වටිනාකම ගැනද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජයේ ආධාර ලබන එක පාසලක් හෝ තිබුනද උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ වෙනුවෙන්ම ඇත්තේ එක් පාසලක් පමණක් වීම බලවත් අසාධාරණයක් බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ඉඩමක් ලබා දෙන්නේ නම් එම පාසල ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන රංජිත් චන්ද්‍රසේකර නමැති ශ්‍රී ලාංකික බුද්ධිමත් ත්‍යාගශීලයකු කැමැත්ත පළකර ඇති එබැවින් ඒ සඳහා ඉඩමක් වෙන් කිරීමට කටයුතු කරන්නයි දිසාපතිවරයාගෙන් හා සමාජ සේවා ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය. එසේම දැනට අකර්මණ්‍යව පවතින කිලිනොච්චිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවන බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
2012 වසරේ මෙරට සිදු කළ ජන සංගණනය අනුව සමස්ත ජන ගහනයෙන් 8.2% එනම් ලක්ෂ 17කට ආසන්න පිරිසක් අබාධ සහිත පිරිස් බව හඳුනාගෙන ඇති බව සභාපතිවරයා පැවසුවේය. කෙසේ වෙතත් මෙම දත්ත එක් එක් දිස්ත්‍රික්ක හා ප්‍රදේශ අනුව බලන විට වෙනස් කම් දක්නට ලැබෙන බව සභාපතිවරයා නිදසුන් ගෙනහැර දක්වමින් පැහැදිලි කළේය. දිවයින පුරා අබාධ සහිත පිරිස් සම්බන්ධයෙන් තොරතරු ඇතුලත් නිවැරදි දත්ත පද්ධතියක් නොමැතිවීමේ ගැටලුව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ අතර අබාධ සහිතවූවන්ට පොදු ප්‍රවාහන පහසුකම් වල පතින අඩු පාඩුකම් පිළිබඳව පැමිණ සිටි ප්‍රපිරිස් ගැටලූ ඉදිරිපත් කළහ. ඒ අනුව මෙරට ප්‍රවාහන පද්ධතියට එකතු කිරීම සඳහා බස්රථ ගෙන්වීමට නුදුරේදීම කටයුතු සැලසුම් කර ඇති බවත් එම ලැබෙන බස් රථ වලින් ප්‍රමාණයක් අබාධ සහිත වූවන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම වෙනුන් යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සංසදයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












