ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටලු සදහා යෝජනා ලබා ගැනීම මාතර දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

දිනය : 2024-05-07

ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග, ගැටලු, පවතින අවස්ථා සහ ඒවාට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීම ගත හැකි පියවර සහ යෝජනා පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම සදහා විශේෂ වැඩමුළුවක් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන්  පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ සහ එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු බුද්ධික පතිරණ, ගරු වීරසුමන වීරසිංහ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) උපදේශිකා ශ්‍යාමා සල්ගාදු යන මහත්ම මහත්මීහූ ද  සහභාගී වූහ.

ආබාධ සහිත පුද්ගල  සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නි‍යෝජිතයන්, මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන්,  මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් සදහා ඉගැන්වීම් සිදුකරන ගුරු විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආබාධ සහිත පුද්ගලයින් රටේ පාලන ව්‍යුහයට සහ සමාජයට අන්තර්කරණය කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ යෝජනා රැස්කිරීම මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් මෙලෙස අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව මීළගට කිලිනොච්චිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද මෙම වැඩමුළුව පවත්වන බව සභාපතිවරයා පැවසීය. මෙරට අබාධ සහිත ප්‍රජාව සඳහා විශාල අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සදහා මැදිහත් වෙමින් මෙම සංසදය විශාල කාර්ය භාර්යක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසීය.

 

1 2

3 4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි