ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තරුණ නියෝජිතයින් සඳහා පැවැත්වූ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ

දිනය : 2024-05-06

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූ තරුණ නියෝජිතයින්ට එම කාරක සභා පිලිබඳ  වැඩමුළුවක් පසුගියදා (අප්‍රේල් 30) වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධනය කරනු ලැබූ  මෙම වැඩමුළුවේ  මුලික අරමුණු බවට පත්වූයේ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳව තරුණ නියෝජිතයින්ට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සහ ආංශික අධීක්ෂණ කාරක සභා තුළ ඔවුන්ගේ නියෝජනයෙන් සිදුව ඇති වෙනස පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබාගැනීමයි.

මෙම වැඩමුළුව  ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ, භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණී වලේබොඩ, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සාමාජික  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසුරිය යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි. මෙදින වැඩමුළුව සඳහා  ප්‍රධාන ආරාධිතයා ලෙස  ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා  සහභාගී විය.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුරලත්න,  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාව සඳහා  සහභාගී වී සිටියහ.

මෙහිදී “පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා  හරහා තරුණ පරපුරේ දායකත්වය” යන තේමාව ඔස්සේ ප්‍රධන ආරාධිත, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් විශේෂ දේශනයක්  සිදු කරන ලදී.

තවද ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයෙක් ලෙස සම්බන්ධ වීමෙන් ලබාගත් අත්දැකීම් හා ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම්වලට තරුණු නියෝජිතයින් ඵලදායි ලෙස දායකත්වය ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව  තරුණ නියෝජිතයින් මෙහිදී කරුණු දැක්වූහ.

එමෙන්ම  තරුණ නියෝජිතයින්ට තමන් නියෝජනය කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සභාපතිවරයා සමග  විශේෂ  සැසියකට එක්වී  අදාළ  කාරක සභා පිළිබඳ දැනුම, කාරක සභාව මගින්  ක්‍රියාත්මක කළ සහ  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි කටයුතු  පිළිබඳව  පුළුල් වූ  අවබෝධයක්  ලබාගැනීමට  අවස්ථාව  උදාවිය.  

මෙම වැඩමුළුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා වල අමාත්‍යංශ විෂය පථයන්ට අදාළව  සම්බන්ධීකරණ කටයුතු සිදුකරන නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  නිලධාරීන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

4 2

3 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි