ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කෙරවලපිටිය - නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට මෙතෙක් පැවති බාධා ඉවත් කෙරේ

දිනය : 2024-04-22

2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය - නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාවය පළ විය.

මේ සඳහා එකඟතාවය පළ වූයේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අප්‍රේල් 18) පාර්ලිමේන්තුවේදී  රැස් වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මුතුරාජවෙල සංරක්ෂණ සංගමය ඇතුළු පරිසර සංවිධාන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී මුතුරාජවෙල තෙත් බිමට ඉහළින් ඉදිකෙරෙන කෙරවලපිටිය-නුගපේ කිලෝවොට් 33000 ක විදුලි රැහැන සඳහා පාරිසරික අවසරය ලබා ගැනීමේදී මතුව ඇති ගැටළු පිළිබඳව අදාළ පාර්ශ්ව සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී සඳහන් වූයේ මෙම ඉදිකිරීම් කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළද  රාජ්‍ය ආයතනයක විරෝධය පෑම නිසා මෙම කටයුතු ඉදිරියට කරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇති වූ බවයි. මෙම කමිටුවේදී සිදු කළ සාකච්ඡාව අනුව අදාළ සියලු පාර්ශ්වවල එකඟතාවයකට පැමිණීමට හැකි වූ අතර  ඒ අනුව පැවති බාධාවන් ඉවත් කරමින් කෙරවලපිටිය - නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට අවශ්‍ය පාර්ශ්ව වෙත කමිටුව විසින් උපදෙස් ලබාදීම මෙහිදී සිදු විය.

එසේම මෙම පරිසර හිතකාමී ප්‍රදේශය තුළ පවත්වාගෙන යන කර්මාන්ත 8 ක කටයුතු පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස පරිසර සංවිධානවලින් කරන ලද ඉල්ලීම දීර්ඝ ලෙස ඉදිරි කාරක සභා රැස්වීමකදී සලකා බැලීමටද එකඟවන ලදී.

 

7 5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි