ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීමට පියවර

දිනය : 2024-04-03

  • සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස්වලට සවන් දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට ප්‍රසාදය.

 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීම හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව එම කාරක සභාවේදී තීරණය කෙරුණි.‍

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (අප්‍රේල් 02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙසේ තීරණය විය.

ප්‍රජා-මූලක සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් මෙම පනත් කෙටුම්පත නැවත සලකා බැලීම සම්බන්ධයෙන් පෙර කමිටුවාරවලදී අදහස් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ උපදෙස්ද ලබාගනිමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදි.  

විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මෙම පනත් කෙටුම්පත කාරක සභා‍වට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව වල අදහස වූයේ මෙම කෙටුම්පත මගින් මේ වන විට සමාජයේ පවතින ප්‍රධානම අවශ්‍යතාවන් ආමන්ත්‍රණය කොට නැති බවයි. ‍එබැවින් මෙම පනත් කෙටුම්පත මගින් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ගැටලු සහගත තත්ත්වයකට පත් වනු ඇති බවද ඔවුන්ගේ අදහසු වුණි.

මෙසේ සියලු පාර්ශ්වවල අදහස් ලබාගැනීමෙන් අනතුරුව පවත්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඉවත් කොට නව පනත් කෙටුම්පතක්  නැවත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව මෙහිදී නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස්වලට සවන් දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය ප්‍රසාදය පළ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව විසින් ඉටු කරන වැදගත් කාර්යභාරයන්ට මෙය  නිදසුනක් වන අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වඩාත් කාර්යක්ෂමව තම කටයුතු ඉටු කරමින් මහජනතාවගේ යහපත වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ අධීක්ෂණ කාර්යය ඉටු කිරීම  පෙන්නුම් කළ වැදගත් අවස්ථාවකි.

ගරු රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) ගරු සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගරු රවුෆ් හකීම්, ගරු නිමල් ලාන්සා, ගරු මයන්ත දිසානායක, ගරු චන්දිම වීරක්කොඩි, ගරු දුමින්ද දිසානායක,  (ආචාර්ය) ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු මධුර විතානගේ යන මහත්වරු මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි