ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ |
දිනය : | 2024-04-02 |
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු කළ අතර එහිදී කමිටු සභාපතිවරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේය.
මේ පිළිබඳ සලකා බලන ලද්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) සරත් වීරසේකර, මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (මාර්තු 22) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.
සිය නිරීක්ෂණ ඉදිරිපත් කළ සභාපතිවරයා ප්‍රකාශ කළේ ‘ත්‍රස්තවාදය’ යන යෙදුම පනත් කෙටුම්පතේ අර්ථ දක්වා නොමැති බවයි. "ත්‍රස්තවාදය" යන පදය නිවැරදිව නිර්වචනය නොකර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යටතේ ගැනෙන සියලුම වැරදි ත්‍රස්තවාදී වැරදි ලෙස දැක්විය නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වශයෙන් පවා ‘ත්‍රස්තවාදය’ යන යෙදුම නිසි ලෙස අර්ථ දක්වා නොමැති බවයි.
පනත් කෙටුම්පතේ පූර්විකාව සමඟ 3(1) සහ 3(2) වගන්ති පරිශීලනයෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ලබාගත හැකි බව කමිටු රැස්වීමට පැමිණ සිටි නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධන සිදු කර ඇති බවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ පනත් කෙටුම්පතේ බොහෝ වැරදි අපරාධ වැරදි සමඟ අතිච්ඡේදනය වන බවයි. තවද එවැනි සාපරාධී වැරදිවලට අදාළ නීති දැනටමත් පවතිද්දී එය නව පනත් කෙටුම්පතකට පිටපත් කර ඇත්තේ මන්දැයිද කාරක සභාව මෙහිදී විමසා සිටියේය.
එම රැස්වීමට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතේ හරයට සංශෝධන කිරීමට දැන් සිදු කළ නොහැකි බව සහ කාරක සභා අවස්ථා සංශෝධන තුළ පවා ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනයක් ඇතුළත් කිරීමට නොහැකි බවයි.
පනත් කෙටුම්පත මැනවින් අධ්‍යයනය කොට තවත් සති දෙකකින් නැවත සලකා බැලීමට කමිටුව මෙහිදී තීරණය කළේය.
කමිටු සාමාජිකයින් වන ගරු රවුෆ් හකීම් සහ ගරු නිමල් පියතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම කාරකසභා රැස්වීමට සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








