ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ යෝජිත ප්‍රඥප්තිය පිළිබඳව විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් විමසා බැලේ

දිනය : 2024-03-25

සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුව විසින්,රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සකස් කරනු ලබන ප්‍රඥප්තිය පිළිබඳව, ඊට අදාළ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගන්නා ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද සහභාගී විය.

එලෙස අදහස් ලබා ගැනීම සඳහා  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියාමන බලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින්  අනු කමිටුව හමුවට කැඳවා තිබුණි. පුවත්පත් දැන්වීම් පළකරමින් , අදාළ  ප්‍රඥප්තිය පිළිබඳව විවිධ පාර්ශ්ව හමුවෙමින් ඔවුන්ගෙන් අදහස්  ලබාගැනීමට කටයුතු කරමින්  සිටින බව අනු කමිටුව විසින් මෙහිදී සිහිපත් කරන ලදී.

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා මෙවැනි ප්‍රඥප්තියක අවශ්‍යතාව අවධාරණය කළ අනුකමිටුව සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා ද  ප්‍රඥප්තියක අවශ්‍යතාව අවධාරණය කළහ.

මෙම  ප්‍රඥප්තියේ, මේ වන විට කෙටුම්පත් කර ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර තවදුරටත් ප්‍රඥප්තිය සඳහා අන්තර්ගත විය යුතු  කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

මේ අවස්ථාව සඳහා අනුකමිටු සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ව‍ෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විද්වත් කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි