ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තේරී පත්වෙයි

දිනය : 2024-03-20

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත වරක්  පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී  චම්පික රණවක මහතා  නිතරඟයෙන්  තේරීපත්වීය.  ඒ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු වසන්ත යාපා බණ්ඩාර  සහ ගරු ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් අද (මාර්තු 20) දින  එම කාරක සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේදී ය.  

ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු සිසිර ජයකොඩි, ගරු  අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන  ගරු  ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න, ගරු උදයන කිරිඳිගොඩ, ගරු සංජීව එදිරිමාන්න, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව මෙලෙස නව සභාපතිවරයා තේරීපත්විය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී  සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාද සහභාගී විය.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, ලංකාවට පිටරටින් ගෙන්වන ආනයනික භාණ්ඩ මගින් අතරමැදි වෙළඳුන් 300% අධික ලාභයක් ගන්න බව පෙන්වා දුන්නේය. ඒ අනුව ලබන සභාවාරයේදී  ඒ සම්බන්ධව  සාකච්ජා කිරීමට අදාළ  සියලු අංශ කැඳවීමට මෙහිදී තීරණය වූ අතර එදින කමිටුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට විවෘත කරන බවද සභාපතිවරයා පැවසුවේය.

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි