ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

‘කෝපා’ කමිටුවේ නව සභාපතිවරයා ලෙස ගරු ලසන්ත අලගියවන්න මහතා ඒකමතිකව තේරී පත්වෙයි

දිනය : 2024-03-07

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සාමාජික මන්ත්‍රීරවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒකමතිකව පත් කරගන්නා ලදි. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (මාර්තු 07) පැවති අවස්ථාවේදීය.

එහිදි රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ  නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙහිදී නව සභාපතිවරයා විසින්  කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ අතර මෙම ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා  කමිටු සාමාජිකයන් සියළුදෙනාගේම සහය අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙම රැස්වීමට ගරු රාජ්‍ය අමාත්‍යවරයන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, එස්. ශ්‍රීතරන්, එම්. උදයකුමාර්, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩංගොඩ, ගරු මුදිතා ප්‍රිශාන්ති, සහන් ප්‍රදිප් විතාන, මධුර විතානගේ, වීරසුමන වීරසිංහ සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි