ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ කෙටුම්පත (2023-2033) සම්බන්ධයෙන් තෙවැනි සහ සිව්වැනි සාකච්ඡාවන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැත්වේ |
දිනය : | 2024-03-06 |
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ කෙටුම්පත (2023-2033) සම්බන්ධයෙන් තෙවැනි සහ සිව්වැනි සාකච්ඡාවන් (National Education Policy Framework) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැත්වීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබ. 22 වැනිදා සහ පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මෙම ප්‍රතිපත්ති රාමුවේ සිදු විය යුතු සංශෝධන සහ ඇතුළත් විය යුතු නව කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
එසේම ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සහ සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන පරිවර්තනයන්ගේ සාරාංශය පිළිබඳ විවිධ අංශ ඔස්සේ දීර්ඝ වශයෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සහ ආචාර්ය මධුර එම්. වෙහැල්ලේ මහත්මිය විසින් පැහැදිලි කරන ලදි.
කාරක සභා සාමාජිකයන් වන ගරු විමලවීර දිසානායක, ගරු රෝහිනී කවිරත්න, ගරු අසංක නවරත්න, ගරු මංජුලා දිසානායක, ගරු බී.වයි.ජී. රත්නසේකර, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු මුදිතා සොයිසා සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා සහභාගී විය.
එසේම මෙම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හා මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට සම්බන්ධවූ පාර්ශ්ව සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








