බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පතට යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය |
දිනය : | 2024-02-29 |
1977 අංක 21 දරන බෙදුම් නඩු පනත යල් පැන ගිය එකක් බවත් එය වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කලයුතු යැයි යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ සභාපතිවයෙන් පසුගියදා (පෙබ. 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත සැලකිල්ලට ගෙන අනුමත කරන ලදී.
මෙම පනතට ගෙන ඒමට යෝජිත සංශෝධන මගින් දැනට පවතින නීතියේ පවතින දුර්වලතා කිහිපයක් වෙනස් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභාව පවසන ලදී. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙසින් අදාළ ඉඩම් සඳහා පුද්ගලයින්ට පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙන්ම බැනරයක් මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, මෙන්ම විවිධ පාර්ශ්වයන් විසින් කරන ලද හිමිකම් ප්‍රකාශයේ ස්වභාවය, දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කිරීමට මිනින්දෝරුවරයාගේ අවශ්‍යතාවය නැවත සලකාබැලීම යනාදිය සංශෝධනය කිරීමට යෝජිතයි.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ගෙන එන ලද ඉහත සඳහන් සංශෝධන සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මධුර විතානගේ සහ ගරු කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








