ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදිත නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීම මාර්තු මස 7 වෙනිදා

දිනය : 2024-02-27

  • අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ  මෙම වැඩසටහන ක්‍රියාත්මකයි

 

ලබන මාර්තු මස 7 වැනි දින  පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව  අධ්‍යාපනය ලබාදීම  සඳහා  සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති  බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (පෙබ. 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප වූ දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ  අධ්‍යාපන  ප්‍රකාශන  සකස් වී ඇති බව නිලධාරීහු සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළහ.

පෙරපාසල් දරුවාගේ සිට 13 වැනි ශ්‍රේණියේ පාසල් දරුවන් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇත. මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන,   අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥයින් විසින් සම්පාදනය කර ඇති බව නිලධාරීහු සංසදයට පැවසූහ.

පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන E ප්‍රකාශන ලෙස ලබාදීමට යෝජනා කර ඇත. ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීහු සංසදය හමුවේ අවධාරණ කළහ.

මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු කේ. සුජිත් සංජය පෙරේරා, ගරු ඉම්රාන් මහරූෆ් යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වී සිටියහ.

 

2 8

11

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි