මුදල් කාරක සභාවේ සභාපති ධුරය යළිත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමි වෙයි |
දිනය : | 2024-02-09 |
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.
තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායකවරයා විසින් අද (පෙබ. 09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ගරු ශෙහාන් සේමසිංහ, ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු අනුප පස්කුවල්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු නීතිඥ රවුෆ් හකීම්, ගරු වජිර අබේවර්ධන, ගරු විජිත හේරත්, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දුමින්ද දිසානායක, ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු නිමල් ලාන්සා, ගරු එම්. ඒ. සුමන්තිරන්, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු මයන්ත දිසානායක , ගරු හර්ෂණ රාජකරුණා, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු නීතිඥ මධුර විතානගේ සහ ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






