ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ශ්‍රී ලංකාව සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) සම්බන්ධ කරුණු විමසයි

දිනය : 2024-01-26

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2024.01.24 දින රැස්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිරෝෂන් පෙරේරා සහ ගරු මධුර විතානගේ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙනි.

මෙහිදී කාරක සභාව විසින්  ශ්‍රී ලංකාව සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය කෙරෙහි අවධානය යොමු කරන ලදී. එමෙන්ම  උගන්ඩාවේ කම්පාලා හි පැවති නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වැනි සමුළුවට ශ්‍රී ලංකාව සහභාගි වීම සම්බන්ධයෙන් ද මෙදින කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

  1954 අප්‍රේල් 28 සිට මැයි 2 දක්වා මහනුවරදී පැවති කොළඹ සමුළුවෙදී  ආසියානු අප්‍රිකානු සහයෝගීතාවය සාකච්ඡා කිරීම, 1955 ඉන්දුනීසියාවේදී බැන්ඩුන්ග් සමුළුව හා බැන්ඩුන්ග්  මූලධර්ම 10 පාදක කරගෙන   නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටුවූ බව  විදේශ කටයුතු අමාත්‍යාංශයේ  නිලධාරීහු පැවසුහ.

තවද, 1976 අගෝස්තු 16 සිට 19 දක්වා කොළඹදී 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝ හා ක්‍රියාකාරී මැදිහත්වීම අවසන් වූ බව ද පැමිණ සිටි නිලධාරීන් කමිටුවට පැහැදිලි කළහ. ඊට සහභාගී වූ රටවල් 86 එක්ව දේශපාලන සහ ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළ කොළඹ ප්‍රකාශනය සම්මත කර ගත්හ.

ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ, නොබැඳි ජාතීන්ගේ සංවිධානය විසින් නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට ඉල්ලා සිටි අතර දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක ද පසුවිය.

මේ අවස්ථාව සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  පිරිසක් සහභාගී වී සිටියහ.

 

2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි