ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් දක්වන අඩු සැළකිල්ල පිළිබඳ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අප්‍රසාදය

දිනය : 2024-01-19

පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් දක්වන අඩු සැළකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය අප්‍රසාදය පළ විය. 2020 වසරේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව කාරක සභාව විසින් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මේ පිලිබඳ කරුණු අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරුමහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් එම  කාරක සභාව 2024.01.10 දින පාර්ලිමේන්තු වෙදී  රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුව  විසින්  විගණ වාර්තා සහ නිවැරදි දත්ත ලබා දෙන ලෙස දැනුම් දී ඇතත් පද්ධතිය ඩිජිටල්කරණයට ලක්  කිරීම සඳහා ක්‍රියා කිරීමේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල  පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පාර්ලිමේන්තුවට අගෞරවයක් බව පැවසූ කාරක සභාව මෙහිදී මානව මැදිහත්වීම් අවම කළ යුතු බව කමිටුවේ අදහස විය. ඩිජිටල්කරණය සඳහා ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කල කාරක සභාව එලෙසෙ  ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතිය තුලම පවතින එක් කණ්ඩායමක්  හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බව අවධාරණය  කරන ලදී .

මෙයාකාරයෙන්  එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත්, මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව  ක්‍රියා මාර්ග  ගත යුතු බවත්  කාරක සභාව  අවධාරණය  ලදී.

මේ අතර  මෙම කාරක සභවේදී  තවත්  වාර්ෂික වාර්තා පහක් සලකා බලනු ලැබිය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, 2022, 2020 ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ  2017 ලංකා සීනි සමාගමේ (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව  සලකා බලා කාරක සභාව  විසින් අනුමත කරන ලදී.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සැලකිල්ලට ගනිමින්, අපජලය ඵලදායි ලෙස භාවිත කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය. බොහෝ සංවර්ධිත රටවල් ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වලින් සමන්විත වන අතර ජාතියේ යහපත සඳහා එවැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලිය යුතු බව කමිටුව අවධාරණය කරන ලදී.

මේ අවස්ථාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු මධුර විතානගේ, සහ ඒ ඒ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි