ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විෂමාචාර ක්‍රියාවන්හි නිරත සමෘද්ධි නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන ‘කෝපා’ කමිටුවේ දැඩි අප්‍රසාදය

දිනය : 2024-01-18

  • සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගැනීමට වහාම වැඩපිළිවෙලක් සකස් කරන්න - කෝපා කමිටුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස්

 

විෂමාචාර සහ විවිධ දුෂණ අක්‍රමිකතා වල නිරත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම ගැන රජයේ ගිණුම් පිළිබඳ  කාරක සහාවේ (COPA) දැඩි අප්‍රසාදය පළවිය.

ඒ  එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට ලෙස  කාන්තා, ළමා කටයුතු  හා සමාජ සවිබලගැන්වීමේ  අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කැඳවා තිබුනහ.

මෙහිදී අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජිවනෝපාය සඳහා සමෘද්ධිලාභීන් වෙත මාළු දැල් ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවයක් සඳහා වග කිවයුතු නිලධාරීන්ට එරෙහිව අනුගමනය කර ඇති විනයානුකුල ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී විමසන ලදී. ඒ අනුව ඒ සඳහා අනුගමනය කර විනයානුකූල  ක්‍රියාමාර්ග ගැන සිය අප්‍රසාදය පළකරමින් එම සිදුවීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙස ලෙස කාන්තා , ළමා කටයුතු  හා සමාජ සවිබලගැන්වීමේ  අමාත්‍යාංශය වෙත උපදස් ලබා දෙන ලදී. ඒ අනුව මින් ඉදිරියට එලෙස විෂමාචාර ක්‍රියාවන්හි නිරතවන නිලධාරීන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට  කටයුතු ක‍රන ලෙසට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර සමෘද්ධි ප්‍රතිලාභීන් රැකගැනීමට වහාම වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලදී. අස්වැසුම නොලබන සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඔවුන් සවිමත් කිරීම  වෙනුවෙන් කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. එහිදී දැනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව භාරේ පවතින අරමුදල් හතේ පවතින මුදල් ප්‍රමාණයන්, එම අරමුදල් මගින් සිදුවන සේවාන් පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාවක් ද කාරක සභාවට යොමු කරන ලෙසටද උපදෙස් ලබාදෙන ලදී.

සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමේ ප්‍රගතියද කාරක සභාව තුළදී  විමසා බැලිණි. ඒ අනුව දැනට සමෘද්ධි බැංකු 1089ක් ජාල ගත කර අවසන් බව නිලධාරීහු දැනුම් දුන්හ. කෙසේ වෙතත් තවමත්  පුර්ණ ලෙස  පරිගණක ගත කිරීම් ඔස්සේ සියලුම බැංකු, සේවා කටයුතු පත්වාගෙන නොයන බැවින්  එක්  එක් බැංකු සඳහා  පද්ධති ගතවීම සඳහා දින වක වානු  ලබා දී අවසානයේ සියලු බැංකු එක් පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයට රැගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ  නව කාර්ය මණ්ඩලය සඳහා අනුමැතිය ලැබී ඇති බව  ප්‍රකාශ කල සභාපතිවරයා ඒ අනුව කාර්යමණ්ඩලය සම්බන්ධව දැනට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව  මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් පිළිබඳව වාර්තාවක්  ලබාදෙන ලෙසට ද  උපදස් ලබා දුන් අතර එම නව සේවකයින් හැකි ඉක්මනින් බඳවා ගැනීමටද  උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව  සඳහා රාඡ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක, ගරු ජේ. සී. අලවතුවල, ගරු අශෝක් අබේසිංහ, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු ඩී. වීරසිංහ, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු වීරසුමන වීරසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ද මහත්මීන්  ඇතුළු රාඡ්‍ය නිළධාරීහු පිරිසක් සහභාගීවී සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි