ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2024-01-16

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව 2024.01.09 දින රැස්වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුව එදින රැස්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය, මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා විය.

මෙහිදී අදහස් දැක්වූ එම ලේකම් කාර්යාලයේ වත්මන් සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද මහතා ප්‍රකාශකර සිටියේ  මෙරට ගොඩබිම සිට නාවික සැතපුම් 200 ක් වන අනන්‍ය ආර්ථික කලාපයටත් එහා තවත් නාවික සැතපුම් 250 කට දිවෙන මුහුදු ප්‍රදේශයක්   මෙරට ආර්ථික කටුයුතු සදහා යොදා ගැනීමේ හැකියාව පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය සම්බන්ධ ප්‍රඥප්තියට අනුව කලාපීය රටවල එකඟත්වය ඒ සදහා අවශ්‍ය බැවින් ඉන්දියාව ඇතුළු කලාපීය අනෙකුත් රටවල් සමග සාකච්ඡා තවදුරටත් සිදු කරමින් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඉන්ධන ගවේෂණය, ජෛව විවිධත්වය ඇතුළු කරුණු නිසා මෙම සාගර කලාපය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කාරක සභා  සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද  පැවසීය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු මධුර විතානගේ, ගරු එස්.එම්.එම්. මුෂාරෆ් යන මහත්වරුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

soc-ir

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි