ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka
Message
  • Sorry this content is not available in this language

විදුලි බිල අඩු කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් යෝජනාවලියක් පාර්ලිමේන්තුවට

දිනය : 2024-01-08

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය යෝජනා සකස් කර අවසන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසුවේය. එ් මහතා මේ අදහස් පළකලේ අද මාධ්‍ය වෙත අදහස්  දක්වමින්. ඒ අනුව එම යෝජනාවලිය මෙම සතිය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා අපනයන නිෂ්පාදන කර්මාන්ත කරුවන් විදුලි ඒකකයක මිල ඉහල යාම හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව 2023 වසරේ ඔක්තෝබර් මස 18% කින් වැඩි කෙරුණු විදුලි බිල නැවත එම වැඩි වූ ප්‍රතිශතය 100% කින් ඉවත්කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබන බවත් එම ලාභයේ ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට යෝජනා කර ඇත.

එමෙන්ම වහල මත සවි කර ඇති සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය කඩිනමින් ජාතික පද්ධතියට එකතු කිරීමටත් සූර්ය පැනල ආනයනය කිරීම වැට් බද්දෙන් නිදහස් කිරීමටද  යෝජනා කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

තවද වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට හා විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමට යෝජනා කර ඇත.

එමෙන්ම නව විදුලි බල පනත පිළිබඳව ඉදිරියේදී කාරක සභාව තුළ අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

 

soc-et-chair-nalaka-bandara

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි