ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර - අධිකරණ අමාත්‍යාංශය මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි

දිනය : 2023-12-19

  • මත්ද්‍රව්‍ය  උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ලැබී ඇති රාජ්‍ය ආයතනවල යෝජනා සහ මහජන අදහස් සභාගත කෙරේ

 

මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුණ බවත්, ඒ අනුව  එම  මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට දින යොදා තිබෙන බවට අධිකරණ අමාත්‍යංශය  රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පැවසීය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා (දෙසැ. 12) මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

තවද, මත්ද්‍රව්‍ය  උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් 2023 දෙසැම්බර් මස 12 වන දින වන විට කාරක සභාව වෙත ලැබී ඇති රාජ්‍ය ආයතනවල යෝජනා සහ මහජන අදහස් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාගත කරනු ලැබූ අතර එහි පිටපතක් පැමිණ සිටි සියලු ආයතන සහ පුද්ගලයන් හට බෙදා දෙන ලදී.

ඒ අනුව, මෙම විශේෂ කාරක සභාව වෙත ලැබී ඇති  යෝජනා සහ මහජන අදහස් තව දුරටත් විග්‍රහ කොට ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවට විශේෂ කාරක සභාව අවධාරණය කරන ලදී.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය  සම්බන්ධයෙන් වූ අත්අඩංගුවට ගැනීම් සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලියේ පවත්නා හිඩැස් සහ අපහසුතා පිළිබඳව ඉදිරිපත් (presentation) කිරීමක් කරන ලදී.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් වලින් අනතුරුව සිදු කරනු ලබන අධිකරණ ක්‍රියාවලියේ පවත්නා දුර්වලතා හේතුවෙන් මහපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවා නීතියේ රැහැනින් ගැලවී යන බැවින් ඒ සඳහා නිසි ප්‍රතිපත්තිමය සහ නෛතික පිළියම් යෙදිය යුතු බවට කමිටුවේ තවදුරටත් සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත සමරවීර , ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු බුද්ධික පතිරණ, ගරු මංජුලා දිසානායක, ගරු මුදිතා ප්‍රිශාන්ති මෙම විශේෂ කාරක සභාවට සහභාගී විය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි