ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ

දිනය : 2023-12-13

පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සාකච්ඡා කිරීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (දෙසැ. 07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 23 වැනි දින මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර එහිදී පැමිණි මනිත්‍රීවරුන් මෙම කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදි.  මේ අනුව එම යෝජනා සම්බන්ධයෙන් සිදු කළ සංශෝධන පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය.

ඒ අනුව මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සභාපති අනුර දිසානායක මහතා  සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් මෙම ප්‍රතිපති රාමුවේ කෙටුම්පතට ඉදිරිපත් කළ නව  සංශෝධන පිළිබඳව පැහිදිලි කිරීම සිදු කරන ලදි.

එසේම මෙම කෙටුම්පත පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද පැමිණි මන්ත්‍රීවරු පෙන්වා සිටියහ. මේ අනුව ඉදිරියේදී මේ පිළිබඳ දැනුවත් කිරීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන බව කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

තවද මේ සඳහා කාරක සභාවට අනුයුක්ත තරුණ නියෝජිතයන්ද සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි සිය අදහස් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.

කාරක සභා සාමාජිකයන් වන ගරු එස්. ශ්‍රීතරන්, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු රාජිකා වික්‍රමසංහ, ගරු සෙල්වරාජා ගජේන්ද්‍රන් යන මහත්ම මහත්මීන් කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි මෙම රැස්වීමට සහභාගී විය.

 

1 10

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි