ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා පත්වෙයි

දිනය : 2023-12-10

මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත යාපාබණ්ඩාර  මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජයන්ත සමරවීර සහ ගරු උදයන කිරිඳිගොඩ මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් 2023.12.07 එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී. නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදයන කිරිඳිගොඩ, ගරු ලලිත් එල්ලාවල සහ ගරු කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ සහ ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ යන මහත්වරුන් තෝරා පත්කර ගන්නා ලදී.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, මානව හිමිකම් පිළිබඳව මූලිකව කාරක සභාවට අවබෝධයක් ලබාගැනීමේ  අවශ්‍යතාවය සිහිපත් කළේය. ඒ අනුව මානව හිමිකම් විෂය සම්බන්ධව ප්‍රමාණික  දැනුමක්  සහිත  සම්පත් දායකයෙකු කාරක සභාව හමුවට කැඳවා අදාළ  දැනුවත් භාවය ලබාගැනීමට තීරණය කෙරිණි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු මොහමඩ් මුසම්මිල් , ගරු නිමල් පියතිස්ස, ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ, ගරු වීරසුමන වීරසිංහ, ගරු කේ. පී. එස්. කුමාරසිරි , ගරු ජයන්ත සමරවීර, ගරු ලලිත් එල්ලාවල, ගරු උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි